Like Button

"පරිගනක ලෝකය"

"ඇපල් "සිරි""


දන්නවද යාලුවනේ "ඇපල් සිරි" ගැන.මේක තමා අලුත්ම ඇපල් අයිෆෝන් එකේ තියෙන කටහඩවල් අදුන ගන්න පුලුවන් ලොව ප්‍රථම ප්‍රසිද්ධ කෘත්‍රිම බුද්ධි වැඩසටහන. මේකනම් පට්ට වැඩක්. ඇපල් අයිෆෝන් එකේ හෝම් බොත්තම දිගටම ඔබාගෙන හිටියාම මේ ඇපල් සිරි වැඩ කරනවා. ස්ක්‍රින් එකේ මයික් එකක් පෙනෙයි ඊට පස්සේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේකනම් නියම ඇප්ලිකේෂන් එකක්. මොකද අපි කියන හැම දේම කරනවානේ...

මේ වැඩසටහන මුලින්ම හැඩුවේ 2007 දෙසැම්බර් ස්‍රී ඉන්ටර්නැෂනල් කියලා සමාගමක්. ඊට පස්සේ ඇපල් සමාගම ඩොලර් මිලියන 200ක් ගෙවලා 2010 අප්‍රේල් මාසේ ගත්තා. ඒ දවස් වල කවුරුත් හිතුවේ නෑ මේ වැඩසටහන මෙච්චර දියුණු වෙයි කියලා. ඒ අනුව කාටත් අලුත් දෙයක් වු කෘතිම බුද්ධිය ඇපල් අයිෆෝන් එකත් එක්ක එලියට අවේ ඇපල් සමාගමේ ප්‍රධානියා වු පසුගිය දා මිය ගිය "ස්ටිව් ජොබ්ස්" ගෙ අදහසට අනුවයි. ඒ අනුව කෘතිම බුද්ධිය සමාජගත කිරීමේ ගෞරවය ඒ මහතාට හිමිවිය යුතුය.

"ල-නොයර්"


හලෝ යාලුවනේ ගොඩක් දවසකින් එන්න බැරි උනාට සොරි වෙන්න ඕනේ...
අද මම ඔයාලට අරන් ආවේ අලුත්ම පරිගණක ක්‍රිඩාවක් ගැන විස්තර ටිකක්...මේ ගේම් එක තමා"ල-නොයර්". මේක පොලිස් නිලධාරියෙක් වටේ ගෙතුන ගේම් එකක්. මේ ගේම් එකේ මිෂන් 10ක් තියෙනවා. මේකේ කරන්න තියෙන්නේ දරුණු මිනී මැරුම්, මංකොල්ල කෑම්, පැහැර ගැනීම් වැනි අපරාධ විසදන්න. අපරාධ විසදන්න විසදන්න මේ ගේම් එකේ අපිට සෙල්ලම් කරන්න ඉන්න පොලිස් නිලධාරියා වන "කෝල් පෙප්ස්" ට සම්මාන, උසස්වීම් හම්බෙන්නේ. ඉතින් යාලුවනේ ඔයාලත් මේ ගේම් එක සෙල්ලම් කරල බලන්නකෝ....ටිකක් අමාරුයි.....

"ඔ‍ෆිස් 2012"


හලෝ.......යාලුවනේ කොහොමද ඔයාලට?...ඔක්කොටම ගුඩ්මෝර්නිං කියලා කියනවා. ඉතිං ඔන්න අදත් මම ඔයාලට අලුත් නිවුස් එකක් අරන් අවා. අපි දැනට යූස් කරන අලුත්ම මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් පැකේජ් එක තමා 2010 ඔ‍ෆිස් පැකේජ් එක. එත් ඔන්න යාලුවනේ 2012දී මයික්‍රෝසොෆ්ට්ලාගේ අලුත්ම ඔ‍ෆිස් පැකේජ් එලියට දානවලු. ඊලගට එන ඔ‍ෆිස් පැකේජ් එකේ සංස්කරන නම තමා "ඔ‍ෆිස් 15". ඒ කියන්නේ මේ වෙනකොට මයික්‍රෝසොෆ්ට්ලා ඔ‍ෆිස් සංස්කරන 14ක් එලියට දාලා තියෙනව. ඊලගට එලියට දාන්නේ ඔහුන්ගේ 15 සංස්කරනය. ඒ අනුව මිලග ඔ‍ෆිස් සංස්කරන "ඔ‍ෆිස් 2012" යන නාමයෙන් එයි කියලා කට්ටිය හිතාගෙන ඉන්නවා.ඔයාලට මේ ඔ‍ෆිස් පැකේජ් එක ගැන තවත් විස්තර දැන ගන්න ඕනේනම් මෙ ලින්ක් එක ඔබන්න. එහෙනම් මම ගියා. .........ටටා..!!!!
www.office-2012.com


මොකක්ද හොදම?......

අපේ යාලුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා වයිර්ස්... ඉතිං අපේ මැෂින් එක අවුලක් නැතුව හොදට තියා ගන්නනම් සුපිරි වයිර්ස් ගාඩ් එකක් තියාගන්න ඕනේ. මොකද දවසින් දවස අලුත් අලුත් වයිර්ස් කට්ටිය හදනවා. මේ වෙනකොට ලෝකේ තියෙන හොදම වයිර්ස් ගාඩ් එක තමා "බිට් ඩිෆෙන්ඩර්" (BitDefender). මෙක ඔයාලට නොමිලේ බාගන්න(Download) පුලුවන්. කරන්න තියෙන්නේ ඔය මම ඇඩ් කරල ලින්ක් එක උඩ ඔබන්න.. http://www.bitdefender.com/solutions/free.html.....එහෙනම් මෙක දාගෙන බලන්නකෝ.....

PC Mass Effect 3 - 360/PS3/PC | gamezone.com

PC Mass Effect 3 - 360/PS3/PC | gamezone.com


අලුත් පන්නයේ ක්‍රම ලේඛ භාෂාවක් එයි......

මෙන්න ප්‍රෝග්‍රැමිං වලට කැමති යාලුවන්ට හොට් නිවුස් එකක්...... දැන් අලුත්ම ප්‍රෝග්‍රැමිං ලැංග්ව්ජ් එකක් ජනප්‍රිය වේගෙන එනවා. ඒ තමයි ක්ලෝස්ර් ප්‍රෝග්‍රැමිං ලැංග්ව්ජ් එක. මේක හදලා තියෙන්නේ කලින් තිබ්බ "ලිස්ප්" භාෂාව ඇසුරෙනි.මේ ලිස්ප් එක සෙට් කරගෙන මේ අලුත්ම භාෂාව හදල තියෙන්නේ "රිච් හිකී". ඔහු ඇමරිකානුවෙක්. අපි කවුරුත් දන්න ජාවා වලට වඩා මෙ භාෂාව ජනප්‍රිය වෙලා තියෙනවා අද වෙනකොට.

රිච් හිකී

ටිවී එකෙන් අපි ලගදිම ඉන්ටර්නෙට් යමු.....



හායි මචංලා.....
කොහොමද ඉතිං..?...අදත් මම හොට් නිවුස් එකක් අරන් අවා. එකනම් නියම නිවුස් එකක්. අපි කවුරුත් දන්න සමාගමක් තමයි "සෝනි"(Sony) සමාගම. අලුත්ම තාක්ෂණය එකතු කරගෙන පට්ට ටීවි එකක් හදලා. එකෙන් අපිට ඉන්ටර්නෙට්(internet) යන්න පුලුවන්. කොහොමද මේ අලුත් තාක්ෂණය. පට්ට නේද?

මෙන්න යාලුවනේ දැන් තියෙන හොදම 4n එක......

මේක හදලා තියෙන්නේ අපි කවුරුත් දන්න ඇපල් සමාගම. ඇපල් කිවුවොත් ඉතිං අපිට මතක් වෙන්නේ ගාන තමයි.මොකද ඇපල් 4න් ගොඩක් ගනන්..හැබැයි සුපිරි බඩු. ඒ වගේම තමා මේ අලුත්ම ඇපල් 5 (Apple i5)අලුත්ම පරම්පරාව. මේ අලුත්ම 4n එකෙන් අපිට වැඩ ගොඩක් කරන්න පුලුවන්. විශේෂම දේ තමා මේ 4n එකේ ප්‍රොජෙක්ටර්(projector) එකක් තියෙනවා.. ඒ වගේම තමා 4G තාක්ෂණය තියෙනවා.මේ 4nන් එකේ 32GB සපෝර්ට් කරනවා.. ඒ විතරක් නෙවේ 4n එක චාජ්(chage) කරන්න වයර් එකකින් කරන්ට් එකට ගහන්න ඔනෙත් නෑ.. වයර්ලස් චාජින්(wireless)..මේ 4n එකේ ප්‍රොසෙසර් 6ක්(possessor) තියෙනවා.ඉතිං මෙක සුපිරි ස්ප්‍රීඩ් ඇති..ඒ වගේම තමා මේ 4n එක ලංකාවෙ අපි ගන්නවනම් රුපියල් 150000ක් වත් ඕනි.....


ළපැටි බ්‍රව්සර්!!!.......
ළමයින්ට අන්තර්ජාලයෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝ උවත් වැඩිහිටියගෙන් ළමයා වෙන්කර දත්ත ලබා දීමේ ක්‍රමයක් මේ වෙනකොට තිබුනේ නැත. ළමයින්ට නිදහසේ අන්තර්ජාලය පරිහරනය කිරීමට දෙමාපියන්ට දිය නොහැක්කේ මෙම හේතුව නිසායි. එහෙත් දැන් දෙමාපියන්ගේ එම ප්‍රශ්නේට උත්තරයක් ඇමෙරිකාවේ"ක්ලිෆර්ඩ් බෝරෝ" මහතා දීල තියෙනවා. එම මහතා නිර්මානය කල අලුත්ම වෙබ් බ්‍රව්සර් එක තමයි "ළපැටි බ්‍රව්සර්". මෙම වෙබ් බ්‍රව්සර් එකෙන් හැම වෙබ් සයිට් එකකටම යන්න බැ. ඒ හරහා යා හැක්කේ ළමයින්ට සුදුසුය කියා ‍තෝරගෙන තිබෙන වෙබ් අඩවි අට ලක්ෂයකට (800000)පමනි. ළමයිට පිවිසිමට අවසර දෙන වෙබ් අඩවි ‍තෝරා දෙන්නේ දෙමාපියන් විසිනි. අපට අවශය නම් මෙම වෙබ් අඩවිය නොමිලයේ ඩවුන්ලෝඩ් කර ගන්නත් චාන්ස් එකක් තියෙනවා.. ඒ සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
හලෝ යලුවනේ .... අද මම ඔයලට අරන් අවේ ඔයාලට ගොඩක් වැදගත්වෙන ෆේස් බුක් හැකර්ස්ලාගෙන් බේරිලා ඉන්නේ කොහොමද කියලා.. අපේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට වෙන කවුරුත් ලොග් වෙනවට අපි කවුරුත් කැමති නැ. මේ ෆේස් බුක් ප්‍රොෆයිල් හැක් කරන්නේ අපේම යාලුවෝ තමයි..උ ඉතිං පට්ට වැඩ කාරයෙක් තමයි. එකට අලුත් ප්‍රෝගෑම් එකක් හදන්න ඔනේ. අපිත් එක්ක චැට් කරන ගමන් අපිට සමහර යාලුවෝ ලින්ක් එවනවා. ඒ ලින්ක් එකෙන් ෆේස් බුක් ලොග් වෙන්න කියලා. අපි ඒකෙන් ලොග් උන ගමන් හැකර්ට අපේ පාස් වර්ඩ් එක පෙන්නනවා... අපි ඉතිං මේ හැකර්ස්ලාගෙන් බේරිලා ඉන්නනම් මේ යාලුවෝ එවන ලින්ක් බොහොම පරිස්සමින් ක්ලික් කරන්න ඔනේ... මේක කියෙවුවට පස්සේ මගේ යාලුවෝනම් හැකර්ස්ලාට අහුවෙන්නේ නැතිවෙයි කියලා මම හිතනවා... එහෙනම් මම අයෙත් ඔයාලට වැදගත් මොනවා හරි අරන් එන්නම්..එහෙනම් මන් ගියා පස්සේ අයෙත් හම්බවෙමු.