Like Button

"පරිගනක ලෝකය"

"ඇපල් "සිරි""


දන්නවද යාලුවනේ "ඇපල් සිරි" ගැන.මේක තමා අලුත්ම ඇපල් අයිෆෝන් එකේ තියෙන කටහඩවල් අදුන ගන්න පුලුවන් ලොව ප්‍රථම ප්‍රසිද්ධ කෘත්‍රිම බුද්ධි වැඩසටහන. මේකනම් පට්ට වැඩක්. ඇපල් අයිෆෝන් එකේ හෝම් බොත්තම දිගටම ඔබාගෙන හිටියාම මේ ඇපල් සිරි වැඩ කරනවා. ස්ක්‍රින් එකේ මයික් එකක් පෙනෙයි ඊට පස්සේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේකනම් නියම ඇප්ලිකේෂන් එකක්. මොකද අපි කියන හැම දේම කරනවානේ...

මේ වැඩසටහන මුලින්ම හැඩුවේ 2007 දෙසැම්බර් ස්‍රී ඉන්ටර්නැෂනල් කියලා සමාගමක්. ඊට පස්සේ ඇපල් සමාගම ඩොලර් මිලියන 200ක් ගෙවලා 2010 අප්‍රේල් මාසේ ගත්තා. ඒ දවස් වල කවුරුත් හිතුවේ නෑ මේ වැඩසටහන මෙච්චර දියුණු වෙයි කියලා. ඒ අනුව කාටත් අලුත් දෙයක් වු කෘතිම බුද්ධිය ඇපල් අයිෆෝන් එකත් එක්ක එලියට අවේ ඇපල් සමාගමේ ප්‍රධානියා වු පසුගිය දා මිය ගිය "ස්ටිව් ජොබ්ස්" ගෙ අදහසට අනුවයි. ඒ අනුව කෘතිම බුද්ධිය සමාජගත කිරීමේ ගෞරවය ඒ මහතාට හිමිවිය යුතුය.

"ල-නොයර්"


හලෝ යාලුවනේ ගොඩක් දවසකින් එන්න බැරි උනාට සොරි වෙන්න ඕනේ...
අද මම ඔයාලට අරන් ආවේ අලුත්ම පරිගණක ක්‍රිඩාවක් ගැන විස්තර ටිකක්...මේ ගේම් එක තමා"ල-නොයර්". මේක පොලිස් නිලධාරියෙක් වටේ ගෙතුන ගේම් එකක්. මේ ගේම් එකේ මිෂන් 10ක් තියෙනවා. මේකේ කරන්න තියෙන්නේ දරුණු මිනී මැරුම්, මංකොල්ල කෑම්, පැහැර ගැනීම් වැනි අපරාධ විසදන්න. අපරාධ විසදන්න විසදන්න මේ ගේම් එකේ අපිට සෙල්ලම් කරන්න ඉන්න පොලිස් නිලධාරියා වන "කෝල් පෙප්ස්" ට සම්මාන, උසස්වීම් හම්බෙන්නේ. ඉතින් යාලුවනේ ඔයාලත් මේ ගේම් එක සෙල්ලම් කරල බලන්නකෝ....ටිකක් අමාරුයි.....