Like Button

"පරිගනක ලෝකය"

"ඇන්ඩ්‍රොයිඩ්"


හලෝ යාලුවනේ... මම අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙමින් පවතින ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ගැන. දන්නවද ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙමින් තිබෙන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය තමයි ඇන්ඩ්‍රොයිඩ්. ගෙවී යන සෑම තත්පරයකම ලොව පුරා විකිනෙන ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාර්ට් ෆෝන් ගනන 13කි. එනම් දිනකදි අලුතින් ලෝකයට එක් වෙන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගනන පන් ලක්ෂ පනස්දාහකට වැඩිය. ඒ අනුව දැනට භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගනන කෝටි 20කි. මිලියන වලින්නම් මිලියන 200කි. මේ තරම් කෙටි කාලයකින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් විම.

No comments:

Post a Comment