Like Button

"පරිගනක ලෝකය"

Data Recovery

           හලෝ මචංලා කොහොමද?..... ඔන්න මම අයෙත් පොඩි Software කෑල්ලක් අරන් අවා.අපේ කස්ටියට තියෙන ලොකුම අවුලක් තමා අපි Delete කරපු දෙයක් ආපහු ගන්න එක. අපේ භාෂාවෙන් කියනවනම් Data Recovery කර ගන්න එක.
                 
    අපි පරිගනකයෙන් Files Delete කරාට සහමුලින්ම Erase වෙන්නේ නැ.ඒ වෙනුවට වෙන්නේ Delete කරපු ‍File එකට අදාලව අපේ පරිගනකයේ ඩිරෙක්ටරියට තිබෙන සම්බන්දතාවය ඉවත්වීමයි. ඒ අනුව නියාමාකාරයට ‍Files erase වෙන්නේ එම කලින් තිබු ඉඩ ප්‍රමානයේ නැවත Data Store කරපුවාම තමා.
ඒක නිසා අපි Delete කරපු ‍Files පරිගනකයේ තිබිය හැකි නිසා ඒවා erase වෙලා නැත්නම් අපිට ආපහු අපේ ‍Files ගන්න පුලුවන්. Delete කරපු ‍Files විතරක් නෙවේ Virus හින්දා අපිට නැතිවූ සමහර ‍Files ත් අපිට ආපහු ලබා ගන්න පුලුවන්.

ඒක ලේසියෙන් කර ගන්න පුලුවන් Software කෑල්ලක්  තමා මම මේ දෙන්න  යන්නේ. මේ Software එක අනිත් ඒවට වඩා ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඔයාලට නොමිලේ බාගන්න පුලුවන් මේ ලින්ක් එකෙන්. www.piriform.com/recuva.මේක දාගෙන බලන්න. ඔයාලටත් වැදගත් වෙයි.

No comments:

Post a Comment