Like Button

"පරිගනක ලෝකය"
පෙන් එක RAM එකක් කරමුද???.......

                හායි.....කොහොමද ඔයාලට?....මමනම් හොදින් ඉන්නවා.. දන්නවද අද මම ඔයාලට කියන්න යන්නේ ටිකක් වෙනස් ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන දෙයක් ගැන.අපේ යාලුවෝ ගොඩාක් අයට තියෙන ප්‍රෂ්නයක් තමා අපි පාවිච්චි කරන පරිගනකයේ speed එක අඩු එක. ඒකට බලපාන්නේ අපෙ පරිගනකයේ RAM එක මදි.වෙලාවකට එපා වෙනවා. මොකද මමත් ඒ අත්දැකීම ලබලා තියෙනවා. එකට විසදුමක් දෙන්න තමා මම යන්නේ.
                                                          
           එහෙනම් වැඩේට බහිමු. ඉත්ං යාලුවනේ ඔයාල ඔක්කොම ගාව පෙන් එකක් තියෙනවනෙ. අද පෙන් එකක් හැමෝම ගාව තියෙනවා කියලා මම දන්නවා. ඉත්ං මේ අපි ගාව තියෙන පෙන් එක අපිට පුලුවන් RAM එකක් විදියට පාවිච්චි කරන්න. හැබැයි ඉතිං අපි මේ කරන්න යන වැඩේටනම් අඩුම 4GB පෙන් එකක් වත්  ඔනේ..මේක Windows 7 වල තමා හදුන්නලා දුන්නේ. මේකට කියන්නේ ReadyBoost කියලා.මේකෙන් පෙන් එක විතරක් නෙවේ Micro SD ත් පාවිච්චි කරන්න පුලුවන්. මේ System එක ගොඩක්ම වැදගත් වෙන්නේ ගොඩාක්ම පරිගනකයේ වේගය අඩු අයට තමා. 
     
                                                                
         අපිට මේ Ready Boost System එක පාවිච්චි කරන්න පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒක තමා අපි පෙන් එක පරිගනකයට connect කරාම අපිට display වෙන AutoPlay menu එකේ තියෙන Speed up my system කියන option එක select කරන්න.ඔයාලට තවත් පැහැදිලි වෙන්න පල්ලෙහා Screen shot එක බලන්නකො.


ඊට පස්සේ අපිට ඔය පල්ලෙහා image එකේ තියෙන වගේ menu එකක් අපිට එනවා. එකෙන් අපි use this device දෙන්න ඔනි.ඊට පස්සේ අපිට ඔනි ඉඩ ප්‍රමානයක් අපිට වෙන් කරගන්න පුලුවන්. අඩුම 2GB වත් තියෙන්න ඔනේ. නැතිනම් අපිට තේරුමක් වෙන්නේ නැ. ඊට පස්සේ Apply > Ok කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ.


තව දෙයක් ඔයාලට කියන්න ඔනේ. ඔයාල RAM එක විදියට වෙන් කරපු ඉඩ ආයෙ ඔයාලට Data store කරන්න පාවිච්චි කරන්න බැ. ඔයාලට Ready Boost ඕනේ නැ කියලා හිතෙනවනම් ඔයාලට කරන්න තියෙන්නේ my Computer ගිහින් Properties වල Ready Boost ගිහින් Do not use this device ‍තෝරන්න විතරයි. නැත්නම් ඔයාල පෙන් එක පරිගනකයට සම්බන්ද කරන හැම වෙලාවෙම පෙන් එකෙන් අපි වෙන් කරපු ඉඩ  RAM එක විදියට Auto ගන්නවා.
                                                            ඉතිං යාලුවනේ මමත් මේක කරලා බැලුවා. අවුලක් නැ. අපි ගාව නිකන් තියෙන පෙන් එක මේ වගේ දෙයකට පාවිච්චි කරාට අපිට පාඩුවක් වෙන්නේ නැ.... එහෙනම් මම අදට යනවා. ඔයාලට බායි කිවුවා ඔන්න......

1 comment: